Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදාවේ සහයෝගයෙන් සිවිල් සහ ආබාධිත අයවලුන්ට වෛද්‍ය සායනයක්

කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව අතර සහයෝගිතාවය වර්ධනය කිරිමේ තවත් පියවරක් තබමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සහයෝගිතා මධ්‍යස්ථානයේ දී ජංගම වෛද්‍ය සායනයක් සහ කෘතිම අත් පා බෙදාදිමක් සංවිධානය කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සහභාගිත්වයෙන් සිවිල් අයවළුන් හට නොමිලේ ශ්‍රවණ උපකරණ, කෘතිම අත් පා, ඇස්කණ්නාඩි සහ අනෙකුත් වෛද්‍ය උපකරණ බෙදාදුන් අතර, කිලිනොච්චි සහයෝගිතා මධ්‍යස්ථානයේ පැවති මෙම වැඩසටහන සඳහා කොළඹ රොටරි සමාජය සහ කොළඹ ප්‍ර‍ෙන්ඩ් ඉන් නීඩ් සමාජය දායකත්වය ලබාදෙන ලදි.

මෙම සායනය වෛද්‍ය නිලධාරින් සිව් දෙනෙකු සහ විකලාංග කාර්මිකයින් සිව්දෙනෙකු විසින් මෙහෙයවනු ලැබිය.

එමෙන්ම මෙම අවස්ථාවේ දී අත් පා අහිමි වුවන් වෙනුවෙන් කෘත්‍රිම අත් පා ලබාදිම සඳහා මිනුම් ලබාගත් අතර, සංවිධායකින් විසින් කෘතිම අත් පා 19 ක් ලබාදිමට මෙම පුණ්‍ය වැඩසටහනෙදි කටයුතු කරනු ලැබිය.

මෙම සායනයේ දී 364 කට වැඩි සිවිල් ජනතාවක් පරික්ෂාවට ලක් කළ අතර, ඔවුන් සඳහා අවශ්‍යය වෛද්‍යාධාර ලබාදිම සිදු කරන ලදි. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්විම යටතේ 5 වන ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකායේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධිකරණය කරන ලදි.

Running Sneakers | Nike Air Max