Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදාවෙන් බිහි වු ලෝක පුජිත ක්‍රීඩකයන් වෙත සම්මාන සහ නිල උසස්විම්

ශ්‍රි ලංකා යුද හමුදාවෙන් බිහි වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලෝක පුජිත ක්‍රිකට් ක්‍රිඩකයන් වන බළලත් නිලධාරි II සීක්කුගේ ප්‍රසන්න සහ සැරයන් අසේල ගුණරත්න හට යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උසස්විම් සහ සම්මාන පුද කිරිම අද (01) සන්ධ්‍යවේ දී යුද හමුදාපති කාර්යාලයේ දී සිදු කරන ලදි. ඔවුන් දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ දී සහ ඕස්ට්‍රෙලියාවේ පැවති විස්සයි 20 තරඟාවලියේ දී සුවිශේෂි දක්ෂතාවයන් දැක්වුහ.

සුවිශේෂි දක්ෂතාවයන් වෙනුවෙන් සුභපැතුම් එක් කළ යුද හමුදාපතිතුමා ශ්‍රි ලංකා යුධෝපකරණ බලකායේ බළලත් නිලධාරි II සීක්කුගේ ප්‍රසන්න අඟහරුවාදා (පෙබරවාරි 28) දින සිට බල පැවැත්වෙන පරිදි බළලත් නිලධාරි I ලෙස උසස් කරනු ලැබිය.

උසස්විම් ලබා ගැනිමේන් අනතුරුව, යුද හමුදාපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාව දී යුද හමුදාපතිතුමා විසින් ඔවුන්හට අතට අත දෙමින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

එමෙන්ම, යුද හමුදාපතිතුමා විසින් ඕස්ට්‍රෙලියාවේ පැවති විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ දී ඉතා සුවිශේෂි දක්ෂතා දැක්වු ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් අසේල ගුණරත්න අඟහරුවාදා (28) දින සිට බල පැවැත්වෙන පරිදි බළලත් නිලධාරි II තනතුරට උසස් කරන ලදි.

යුද හමුදාපතිතුමා ඔවුන්ගේ දක්ෂතාවයන් සංකේතවත් කරමින් සමරුඵලකයන් ද පිළිගැන්වු අතර යුද හමුදාවේ උණුසුම් සුභපැතුම් ද එක්කලහ.

අනතුරුව, පැවති සුහද සාකච්ජාවේ දී යුද හමුදාපතිතුමා ඔවුන් සමඟ කතාබහක නිරත වෙමින් මෙවැනි අන්තර්ජාතික තරඟාවලියන් හිදී ඔවුන් විසින් ලබාගත් ජයග්‍රහණයන් සහ අත්දැකිම් පිළිබඳව විමසා සිටින ලදි.

යුද හමුදා නියෝජ්‍යය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රේණක උඩවත්ත, ශ්‍රි ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, යුද හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පී.එම්.ආර්. බංඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සම්මාන ලාභි ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ විස්තර පහත සඳහන් වේ.

බළලත් නිලධාරි I සීක්කුගේ ප්‍රසන්න

බළලත් නිලධාරි I සීක්කුගේ ප්‍රසන්න 2003 ඔක්තෝම්බර් 21 වන දින ශ්‍රි ලංකා යුද හමුදාවට බැඳීමෙන් අනතුරුව, 2005 මැයි 13 වන දින යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඔහුගේ පළමු තරඟයට සහභාගි විය. මේවන විට ඔහු පළමු පෙළ තරඟ 98 කට සහභාගි වි ඉනිම් 155 ක් තුළ අර්ධ ශතක 18 ක් සමඟින් ලකුණු 3216 ක් රුස්කරගෙන ඇති අතර පළමු පෙළ කඩුලු 488 ක් දවා ගෙන ඇත. එක්දින ජාත්‍යන්තර තරඟ 34 කදි අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 370 ක් රුස්කරගෙන ඇති අතර කඩුලු 28 ක් දවාගෙන ඇත.

විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 14 කට ක්‍රීඩාකර ඇති ඔහු එහිදී ලකුණු 130 ක් සහ කඩුලු 8 ක් දවාගෙන ඇත. 2011 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායමේ එංගලන්ත තරඟාවලිය නියෝජනය කළ අතර, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දෙවන යුද හමුදා ක්‍රිඩකයා ද වේ. එමෙන්ම, 2011 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින සහ ටේස්ට් තරඟාවලිිය සඳහා තම මංගල නියෝජනය කළ අතර, 2011 දී පකිස්තානයට එරෙහි එක් දින ජාත්‍යන්තර තරඟාවලියට ද සහභාගි විය.

2012 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත සංචාරය ද 2012 දී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක ශුරයන්ගේ විස්සයි 20 තරඟාවලියේ ඌව කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි විය.

එමෙන්ම ඔහු 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නියෝජනය ද , ශ්‍රී ලංකාවේ පැවති නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නියෝජනය ද ශ්‍රී ලංකාවේ පැවති කෙන්යාවට එරෙහි ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය ද කළ අතර, 2014 වර්ෂයේ දි විස්සයි 20 ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය ද ශ්‍රී ලංකා විස්සයි 20 ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත සංචාරය ද ශ්‍රී ලංකා ජාතික ‘ඒ’ කණ්ඩායම් නියෝජනය කරමින් එංගලන්ත සංචාරය ද ශ්‍රී ලංකාවේ පැවති පකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය ද කරන ලදි.

එමෙන්ම ඔහු 2014 සැප්තැම්බර් 14 - 28 දක්වා ඉන්දියාවේ පැවති ලෝක ශුරයන්ගේ ලිග් විස්සයි 20 තරඟාවලිය සඳහා දකුණු පළාත් කණ්ඩායම් නියෝජනය ද 2015 දී ශ්‍රී ලංකාවේ පැවති පකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය ද 2015 දී ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය ද 2015 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දිය සංචාරයට ද සහභාගි විය.

මීට අමතරව, 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩාමේ නියෝජනය කරමින් නවසිලන්ත සංචාරය ද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දිය සංචාරය ද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් අයර්ලන්ත සංචාරය ද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත සංචාරය ද ශ්‍රී ලංකාවේ පැවති ඔිස්ට්‍රේලියානු තරඟ සංචාරය දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරණු ලැබු පළාත් ක්‍රිකට් තරඟාවලිය නියෝජනය ද 2016 වර්ශයේ දී ශුරතාවය දිනාගත් ආරක්ෂක සේවා කණ්ඩායම් නායකත්වය ද දරණු ලැබිය.

එමෙන්ම 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කරමින් දකුණු අප්‍රිකා සංචාරයට එක්වු අතර, එහිදී දැක්වු විශේෂ දක්ෂාතා හේතුවෙන් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය ද හිමි විය. තවද 2017 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඔිස්ට්‍රේලියා සංචාරය සඳහා ද සහභාගි විය.

බළලත් නිලධාරි II අසේල ගුණරත්න

බළලත් නිලධාරි II අසේල ගුණරත්න 2007 ජනවාරි 06 වන ශ්‍රි ලංකා යුද හමුදාවට එක්වි 2008 දෙසැම්බර් 10 වන දින ඔහුගේ පළමු ක්‍රිකට් තරඟය සඳහා ක්‍රීඩා කරන ලදි.

මේ වන විට පළමු පෙළ තරඟ 74 කට ක්‍රීඩාකල ඇති අතර, ඉනිම් 126 ක් තුළ ශතක 12 ක් සහ අර්ධ ශතක 23 ක් සමගින් ලකුණු 4971 ක් ලබා ගෙන ඇති අතර පළමු පෙළ කඩුලු 44 ක් දවාගෙන ඇත. මේ වනවිට ඔහු එක්දින ජාත්‍යන්තර තරඟ 10 කට ක්‍රීඩාකර ශතකයක් සමගින් ලකුණු 222 ක් ලබාගෙන කඩුලු 09 ක් දවාගෙන ඇත.

විස්සයි 20 ජාත්‍යන්තර තරඟ 07 කට සහභාගිවි ඇති ඔහු අර්ධ ශතක 02 ක් සමඟින් ලකුණු 168 ක් ද කඩුලු 02 ක්ද දවාගෙන ඇත.

බළලත් නිලධාරි II අසේල ගුණරත්න 2013 වර්ෂයේ දී බංගලාදේශ ප්‍රිමියර් සමාජ තරඟාවලිය නියෝජනය ද 2014 දී ශ්‍රී ලංකා ජාතික ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය නියෝජනය ද 2014 දී දකුණු අප්‍රිකාවේ පැවති ආසියානු කුසලාන තරඟාවලිය නියෝජනය ද 2015 දී ශ්‍රී ලංකාවේ පැවති පකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් නියෝජනය කළ අතර 2014 / 2015 දී යුද හමුදා පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය ද ඉසිලිය.

2015 දී ශ්‍රී ලංකා ජාතික ‘ඒ’ කණ්ඩායම් නවසීලන්ත සංචාරය නියෝජනය ද 2016 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්දීය සංචාරය නියෝජනය ද එම වසරේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සිම්බාබ්වේ සංචාරයක ද නිරත විය.

2017 වර්ෂයේ දී ඔහු දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලි සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුනහ.

2016 දී පැවති ඔහුගේ මංගල ටෙස්ට් තරඟාවලියේ දී සිම්බාබ්වේ දේශයට එරෙහිව ලකුණු 50 ක් සහ 100 ක් ලබා ගත් අතර 2017 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ශතකයක් වර්තා කලහ.

ඕස්ට්‍රේලියාවේ දී පැවති තරඟාවලියේ දී ඔහුගේ විශිෂ්ඨ දක්ෂතාවයන් වෙනුවනේ තරඟයේ වීරයා සම්මාන දෙකක් සහ තරඟාවලියේ වීරයා සම්මානය ද හිමි කර ගැනීමට සමත් විය.

Buy Kicks | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth