Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා බොක්සිං කණ්ඩායම ජාතික ශූරතාවය සහ බේස්බෝල් ක්‍රීඩකයින් සිවිල් ක්‍රීඩා සමාජ අභිබවා ජයග්‍රහණ හිමිකර ගනී

ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කණ්ඩායම සිය දක්ෂතා පෙන්නුම් කරමින් ජාතික බොක්සිං ශූරතාවය - 2016 හී ශුරතාවය හිමිකරගත් අතර, එහි අවසන් මහා තරඟය කොළඹ 07, රීඩ් මාවත, රාජකීය විද්‍යාලයේ මාස් ඇරෙනා බොක්සිං චතුරස්‍රයේ දී පවත්වන ලදී.

එහිදි ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.වී.අයි.ආර්.එස්. බණ්ඩාර අවසන් තුන්වන වටයේ දී ෆ්ලයි බර පංතිය (කිලෝ ග්‍රෑම් 52) යටතේ ස්ලිම්ලයින් මාස් හෝල්ඩින් කණ්ඩායමේ එම්.එම්. ප්‍රභාෂ්වර සමඟ තරඟවදිමින් ශුරතාවය හිමිකරගැනීමට සමත්විය.

ආධුණික බොක්සිං සංමේලනය විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා දිවයිනේ ක්‍රීඩා සමාජ 16 ක් නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩකයින් 186 ක් සහභාගි වූහ. මෙම තරඟාවලියේ දී යුද හමුදා බොක්සිං ක්‍රීඩකයින් බර පංති 10 ක් අතුරින් බර පංති පහක ශුරතාවය සහ ලෝකඩ පදක්කම් හතක් හිමි කර ගැනීමට සමත්විය.

යුද හමුදා කණ්ඩායම ඉතා අසීරු අභියෝග ජය ගනිමින් ඉතා දක්ෂ ලෙස තරග වදිමින් තරගාවලියේ ජයග්‍රහනය තහවුරු කරගනු ලැබීය.

මෙම ජාතික බොක්සිං තරගාවලියේ 1920 වර්ෂයේ දී පමණ ආරම්භ වූ අතර, 1949 වර්ෂයේ යුද හමුදාවේ ආරම්භයත් සමඟින් එදා සිට අද දක්වා මෙම තරඟාවලිය සඳහා යුද හමුදා බොක්සිං ක්‍රීඩකයින් සහභාගීත්වය මඟින් සක්‍රිය දායකත්වය දක්වා ඇත. මෙම වසරේ පැවැත්වෙන තරඟාවලිය 91 වන තරඟාවලිය වන අතර, 1949 සිට 2016 දක්වා ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කණ්ඩායම 33 වතාවත් ශුරතාවය හිමි කරගෙන තිබේ.

මෙම ජයග්‍රහණයන් සදහා ශ්‍රී ලංකා බොක්සිං කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජි.ආර්.එච්. ඩයස් අනගි මඟපෙන්වීමක් සහ සහයෝගයක් ලබාදෙන ලදී.

මෙහි අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය ගරු. දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර, ජයග්‍රහාකයින් වෙත කුසලාන ප්‍රදානය ද සිදු කරනු ලැබීය.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදා බේස්බෝල් කණ්ඩායම, හෝමාගම, දියගම ක්‍රීඩාංගණයේ පැවති ‘මලින්ද අරුමදුර’ අනුස්මරණ බේස්බෝල් ශුරතාවය - 2016 හිදී ආදි ආනන්දීය බේස්බෝල් කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතා කුසලානය හිමිකර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ යුද හමුදා බේස්බෝල් කණ්ඩායම ලකුණු 11-03 ක් ලෙස ‘මලින්ද අරුමදුර’ අනුස්මරණ බේස්බෝල් ශුරතාවය හිමිකර ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

latest Nike release | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos