Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා ප්‍රවීණ හොකී ක්‍රීඩකයින් වෙත අනුශුරතාවය

මාතලේ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ අවුරුදු 40 ට වැඩි ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ හොකී තරඟාවලියේ අවසන් තරඟය සෙනසුරාදා (11) දින මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර, එහිදි යුද හමුදා ප්‍රවීණ හොකී ක්‍රීඩකයින් වෙත අනුශුරතාවය හිමිවිය.

මාතලේ ක්‍රීඩා සමාජයට වසර 80 ක් සම්පූර්ණවිම නිමිත්තෙන් පැවැත් වූ මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වූහ.

අවසන් තරඟයේ දී යුද හමුදා කණ්ඩායම මාතලේ ක්‍රීඩා සමාජය වෙත ඉතා විශිෂ්ඨ තරඟයක් ලබා දී තරඟාවලියේ අනුශුරතාවය දිනා ගන්නා ලදී.

යුද හමුදා හොකී කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් පහතින් දැක්වේ ;

*ලුතිතන් කේ.ඩබ්.ඒ.එස්.ඩි. ජයවර්ධන

*බලලත් නිලධාරී II ආර්. හෙට්ටිආරච්චි

*සැරයන් එච්.ඒ. ජගත් කුමාර

*කෝප්‍රල් ඊ.බී.සී. පල්ලේආරච්චි

*කෝප්‍රල් ජේ.එස්. ජයසිංහ

*කෝප්‍රල් පී.ඩබ්. ක්‍රාමර්

*ලාන්ස් කෝප්‍රල් ඒ.ඩබ්.එම්. සනාශ්

Asics footwear | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4