Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම ආසියානු ඔරු පැදීමේ ක්‍රීඩා උළෙලේදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගනී

ආසියානු ඔරු පැදීමේ සම්මේලනය (ARF) විසින් තායිලන්තයේ මාස්ටර්ස් රෙගට්ටා පට්ටයා හිදී දෙසැම්බර් මස 18 සිට 22 දින දක්වා සංවිධානය කරන ලද කිංග්ස් කුසලාන ඟංගා ඔරු පැදීමේ තරඟාවලි - 2019 සඳහා තරඟ වැදුණු ශ්‍රී ලංකා පදක්කම්ලාභී ඔරු පැදීමේ කණ්ඩායම ඉකුත් අඟහරුවාදා (24) දින උදෑසන දිවයිනට පැමිණියේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සපැමිණි ඔරු පැදීමේ කණ්ඩායම යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් නිශාන්ත වඩුගොඩපිටිය ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

‘LW4X - Light Women’s Quadruple Scull’ ඉසව්ව යටතේ ආසියානු ඔරු පැදීමේ තරඟාවලියකදී ප්‍රථම වරට රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම සමත් විය.

එමෙන්ම, එම කණ්ඩායම කාන්තා ‘Women’s Open Light Weight Quadruple Scull’ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූ අතර රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක් මෙම තරඟාවලියට තරඟ වැදුණි.

මෙම තරඟාවලිය අතරතුරදී, යුද්ධ හමුදා බුද්ධි බලකායේ කපිතන් මහේෂි ලියනගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් තාරිකා වීරසිංහ, කෝප්‍රල් කාංචනා වීරකෝන් සහ කෝප්‍රල් අනුරාධා සූරසේන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දැක්වූහ.Nike air jordan Sneakers | シューズ