Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා ක්‍රීඩකයින්ගේ ප්‍රථම තුන්ප්‍රයාම තරඟාවලිය ඇරඹේ

යුද හමුදා ක්‍රීඩකයින් හට ප්‍රථම වරට පිහිනුම්, පාපැදි සහ ධාවන තරගාවලි ඇතුලත් තුන්ප්‍රයාම තරගාවලිය ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ දී බ්‍රහස්පතින්දා (29) දින පවත්වනු ලැබීය.

යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කෙරිනි.

මෙම අවස්ථාවෙහි යුද හමුදා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් කර්නල් සී. නිශාන්ත රණවීර විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම තුන්ප්‍රයාම තරගාවලිය මීටර් 500 ක පිහිනුම් තරගයකින් ද කිලෝ මීටර් 20 ක බයිසිකල් ධාවන ඉසව්වකින් ද කිලෝ මීටර් 5 ක ධාවන ඉසව්වකින්ද සමන්විත වන අතර, මෙය කාත්නා සහ පිරිමි දෙපාර්ශවයටම සහභාගි විය හැක. නමුත් කාන්තා ඉසව්වේ දී පිහිනුම් ඉසව්ව මීටර් 250 කට ද බසිසිකල් ධාවන ඉසව්ව කිලෝ මීටර් 10 කට ද ධාවන ඉසව්ව කිලෝ මීටර් 3 කටද සීමා කර ඇත.

රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා යුද හමුදා සාමාජිකයින් 93 දෙනෙකු සහභාගි වූහ.

මෙම තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව හිමිකර ගත් අතර, අනු ශූරතාවය ගැමුණු හේවා බලකාය විසින් හිමි කරගන්නා ලදී. මෙම කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් දස දෙනෙකු ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කුසලාන ලබා ගනු ලැබීය. මෙහිදී තරග ඉසව් තුනෙහි දක්ෂතම කුසලතාවයන් වෙනුවෙන් පදක්කම් පිරිනමනු ලැබීය.

මෙම තුන්ප්‍රයාම තරගාවලියේ දී ක්‍රීඩකයෙකුගේ දරා ගැනීමේ හැකියාව පරීක්ෂා කරනු ලබන අතර, මෙය ක්‍රීඩා තරග අතර ඉතා ජනප්‍රිය ඉසව්වකි.

මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අරමුණ වූයේ යුද හමුදා ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉදිරියේ දී ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකියාව ලබාදීමේ අරමුණින් වේ.

best Running shoes brand | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ