Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2024 18:14:06 Hours

යුද විරුවන් සිහිකර 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සංවිධානය කරයි

රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත පිං අනුමෝදනා කරමින් සහ ඒකකයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් වෙත ආශිර්වාද එක් කිරීමේ අරමුණින් 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.යූ බී පිළිමතලාව පීඑස්පී ගේ උපදෙස් මත පසුගිය ඉරිදා (මාර්තු මස 10) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සංවිධානය කරන ලදී.

පුණ්‍යෝත්සවය අතරතුරදී, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත පිං අනුමෝදනා කරමින් සහ තුවාල ලැබූ රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද එක් කරමින් මහා සංඝරත්නය විසින් ධර්ම දේශනාවක් ද පවත්වන ලදී.

පසුදින භටපිරිස් විසින් මහා සංඝරත්නය දස නමක් උදෙසා දානයක් පිරිනමන ලදී.

පිංකම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.