12th January 2025 18:19:03 Hours
ප්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස උඩුවිල්, වලිකාමම් දකුණේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට අලුතින් ඉදිකරන ලද නිවසක් 2025 ජනවාරි මස11 දින පවරා දෙන ලදී,
මෙම නිවස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ඉදිකළ අතර, නව නිවස භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එතුමන් සහභාගී විය.
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී සහ 512 පාබල බලසේනාවේ බලසේධිපති බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී. කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
17 බළඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් මෙම නිවස ඉදිකිරීම සඳහා තාක්ෂණික සහය සහ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී.
මෙම නව නිවස ඉදිකිරීම සඳහා මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් Vanni Aid Canada සංවිධානය විසින් මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා නිලධාරින්, රජයේ නිලධාරින් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.