Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය මිත්‍රත්ව ලීග් පාපන්දු තරගාවලිය අවසන් වේ

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ එහි සිටින තරුණ තරුණයින් අතර මිත්‍රත්වය හා සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 55 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ලීග් පාපන්දු තරගාවලිය සංවිධානය කරන ලදී. මෙම තරගාවලිය සඳහා පේදුරු තුඩුව, අලිමංකඩ, පලාලි, මරදන්කර්නී, වඩමාරච්චි උතුර සහ වඩමාරච්චි නැගෙනහිර යන ප්‍රදේශයන්හී තරුණයින් බොහෝ පිරිසක් උද්යෝගයෙන් යුතුව සහභාගී විය.

අවසන් මහා තරගය ඉකුත් බදාදා (16) දින යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර එහිදි තරගාවලියේ ශූරතාවලිය නෙලියඩි ප්‍රදේශයේ කලෙයිමඩි පාපන්දු සමාජය විසින් දිනා ගත් අතර අනුශූරතාවය පේදුරු තුඩුව අල්ලෙයි මිතුරු පාපන්දු සමාජය විසින් හිමි කරගත්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කෝටුවෙගොඩ විසින් ජයග්‍රාහකයන්ට කුසලාන ප්‍රධානය කළ අතර තවද මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, ඉදිරි නඩත්තු ප්‍රදේශ (උතුර) ආඥාපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, භටපිරිස් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ.latest Running Sneakers | Nike Shoes, Clothing & Accessories