Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් තරඟය ඉතා උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්වේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් මහා තරඟය එම ආරක්‍ෂක සේනා මුලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිකුරාදා (04) දින පවත්වනු ලැබීය.

දීර්ඝ කාලයකට පසුව මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරිම සබැදිව එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා, ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි වෙත සිය කෘතඥතාවය පුද කර සිටින ලදී.

523 වන බලසේනාව විසින් සංවිධානය කළ මෙම බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා ඒකළ සහ යුගල වශයෙන් ඉසව් දෙකක් යටතේ හා වයස අවුරුදු 18 ට වැඩි සහ 40 ට වැඩි වයස් සීමාවන් යටතේ කණ්ඩායම් 28 ක් තරඟවදිනු ලැබීය.

මෙහිදි යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය නියෝජනය කරමින් 5 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.එස් ජයතිලක වයස අවුරුදු 18 න් ඉහල ඒකළ තරඟාවලියේ ජයග්‍රහණය හිමි කරගත් අතර අනුශුරතාවය ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ ලුතිතන් ඩබ්ලිව්.ආර්.ඩි.එස් වීරවත්ත හිමිකරගන්නා ලදී.

එසේම, වයස අවුරුදු 18 න් ඉහල යුගල තරඟාවලියේ ජයග්‍රහණය ගැමුණු හේවා බලඇණියේ මේජර් කේ.එම්.ජි.එස් කොඩිතුවක්කු සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එච්.එම්.ජේ ප්‍රේමතිලක විසින් දිනාගන්නා ලද අතර ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් පි.ඒ.ඒ.එන්.එම්.එස්.කේ වීරසිංහ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ඒ.ජි.එන් ධනසිරි විසින් එම කාණ්ඩයේ අනුශුරතාවය දිනාගන්නා ලදී.

එමෙන්ම වයස අවුරුදු 40 වයස් කාණ්ඩයේ ඒකල තරගයෙන් මේජර් පි.ඒ.ඒ.එන්.එම්.එස්.කේ වීරසිංහ විසින් ශුරතාවය ද 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ ලුතිතන් කර්නල් ආර්.අයි හන්තානආරච්චි විසින් අනුශුරතාවය ද හිමිකරගන්නා ලදී. වයස අවුරුදු 40 වයස් කාණ්ඩයේ යුගල තරගයෙන් ගැමුණු හේවා බලඇණියේ ලුතිතන් කර්නල් එච්.ඊ.එම්.අයි.ඩබ්ලිව්.එස්.එස් ඒකනායක සහ 51 වන සේනාංකය නියෝජනය කරමින් ගැමුණු හේවා බලඇණියේ ලුතිතන් කර්නල් බී.එන් මදනායක ශුරතාවය හිමිකරගන්නා ලද අතර ඉංජිනේරු සේවා බලකායේ මේජර් අයි.ජි හෙට්ටිආරච්චි සහ 5 වන ඉංජිනේරු සේවා බලකාය නියෝජනය කරමින් ඉංජිනේරු සේවා බලකායේ මේජර් එන්.පි.සි.එන් ගුණසේන අනුශුරතාවය ද දිනාගන්නා ලදී.

මෙම ජය සංකේත පිරිනැමිමේ උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් එක්වුහ.

මෙම තරගාවලිය, ක්‍රීඩාව දියුණු කිරීම සහ නිලධාරීන් හා සෙසුනිලයින් අතර සුහදත්වය වර්ධනය කිරීම මෙන්ම අනාගතයේදී ඔවුන්ගේ දක්‍ෂතා ජාතික මට්ටම කරා ගෙන ඒමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිගේ යෝජනාවකට අනුව සංවිධානය කරන ලදී.

මෙහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ අනෙකුත් සේනාංකාධිපතිවරුන් විසින් තරගාවලියේ ශුරයින්ට සහ අනුශුරයින්ට කුසලාන, පදක්කම් සහ සහතික පත් ප්‍රධානය කල අතර, යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

jordan release date | Womens Shoes Footwear & Shoes Online