Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 වන සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 1000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සතියක් පූරාවට යාපනය අර්ධද්විපයේ ග්‍රාමීය පාසල් 143 ක වෙන්වෙන් වශයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

අර්ධද්වීපයේ ඩෙංගු මරණ සහ ඩෙංගු රෝගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් රජයේ බලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිනි. මීට පෙර ද ජනවාරි මාසයේ (7 -8) පාසල් 67 ක මෙවැනිම වැඩසටහනක් ක්‍රියාවට නැංවිය.

නල්ලුරු, තෙන්මාරච්චි, වඩමාරච්චි නැගෙනහිර, වඩමාරච්චි උතුර, වඩමාරච්චි නිරිත, වලිකාමම් නැගෙනහිර, වලිකාමම් උතුර, වලිකාමම් දකුණ සහ වලිකාමම් නිරිත යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් ග්‍රාමිය පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන පැවැත් වූ අතර, ඒ සඳහා සිසුන්, ගුරුවරුන් සහ මහඑජනතාව ද සහයෝගය දක්වනු ලැබීය.

අධ්‍යාපන සහ පාසල් බලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කෙරිනි. සිසුන්, ගුරුවරුන් හා සිවිල් වැසියන් ද මෙම දැවැන්ත වැඩසටහන අති සාර්ථක කර ගැනීම සඳහා යුද හමුදාව සමඟ එක්ව සිටියහ.

Authentic Nike Sneakers | Sneakers