Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය ක්‍රිකට් තරඟාවලියේදී 52 වන සේනාංකයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දස්කම් දක්වයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 553 වන බලසේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ විස්සයි විස්ස සැහැල්ලු පන්දු ක්‍රිකට් කුසලාන 2019 තරඟාවලියේ ශූරතාවය හිමි කරගැනීමට යාපනය අර්ධද්වීපයේ පිහිටි 52 වන සේනාංකයේ ක්‍රිකට් ක්‍රීඩකයින් සමත් විය.

තරඟාවලියේ අවසන් තරඟය ඉකුත් ඉරිදා (01) දින මරදන්කර්නී රෝමානු කතෝලික දමිල මිශ්‍ර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරඟාවලිය සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක (51, 52 සහ 55), බලසේනා සහ බලඇණි නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 10 ක් සහභාගී වූහ.

තරඟාවලියේ තීරණාත්මක අවසන් මහා තරඟය සඳහා 52 වන සේනාංක කණ්ඩායම සහ 55 වන සේනාංක කණ්ඩායම තේරී පත්විය. කෙසේ වෙතත්, 55 වන සේනාංක කාණ්ඩායම කඩුලු 3 කින් පරාජයට පත් කරමින් තරඟාවලියේ ශූරතාවය හිමි කරගැනීමට 52 වන සේනාංකයේ කණ්ඩායම සමත් විය. 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් සචින්ත ද සිල්වා තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර 52 වන සේනාංකයේ ලාන්ස් කෝප්‍රල් සුසන්ත කුමාර තරගාවලියේ වීරයා, හොඳම පන්දු යවන්නා සහ හොඳම පිතිකරු යන ත්‍රිත්ව සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම තරගාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගී වූ අතර ‘යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලානය - 2019’ තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් 52 වන සේනාංක කණ්ඩායම වෙත සම්මාන ප්‍රදානය කිරීම සඳහා එතුමන් එක්විය. Running Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp