Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පාසල් පැසිපන්දු තරඟාවලියක් සංවිධානය කරයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි 512 වන බලසේනාව විසින් යාපනය ප්‍රදේශයේ වෙසෙන පාසල් සිසු සිසුවියන්ගේ ක්‍රීඩා කුසලතා තව දුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැසිපන්දු ලීග් තරඟාවලියක් සංවිධානය කරනු ලැබූ අතර එ් සඳහා පාසල් පැසිපන්දු කණ්ඩායම් අටක් සහභාගී වූහ.

මෙම තරඟාවලියේ අවසන් මහා තරගය ඉකුත් අඟහරුවාදා (25) දින යාපනය පැරණි උද්‍යානයේ පිහිටි මහජන පැසිපන්දු පිටියේ දී පැවැත්වුණු අතර තරඟාවලියේ ශූරතාවය කොකුවිල් හින්දු විද්‍යාල කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරතාවය මනිපායි ඒන්ජල් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට හිමිවිය.

තරඟාවලියේ අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගී වූ අතර තරඟාවලිය අවසානයේ ජයග්‍රාහකයින්ට ශූරතා සහ කුසලානය ප්‍රදානය කිරීමටද එතුමන් එක්විය. තවද, මෙම තරඟාවලිය නැරඹීම සඳහා 51 සහ 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපතිතුමන්, බලසේනාධිපතිවරුන්, උතුරු පළාත් අධ්‍යාපන ලේකම්, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, යුද්ධ හමුදා සාමාජිකයින්, යාපනය පැසිපන්දු සංගමයේ සභාපතිතුමන් ඇතුළු ප්‍රේක්‍ෂකයින් විශාල පිරිසක් එක්වූහ. Best Sneakers | Sneakers