Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ‘කබඩි’ තරඟාවලියේ ශුරතාවය 20 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන‘කබිඩි’ තරඟාවලියේ අවසන් තරඟ බදාදා (28) දින පලාලි පිහිටි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සංකල්පයකට අනුව නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කිරීමට මෙන්ම එකිනෙකා අතර සහයෝගිතාවය ගොඩනැඟිමේ අරමුණින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

මෙම තරඟාවලියේ අවසන් තරඟයේ දී 4 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම පරාජයට පත් කරමින් 20 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු කණ්ඩායම විසින් ශුරතාවය හිමි කරගන්නා ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ජයග්‍රාහකයින්ට කුසලාන සහ සහතිකපත් පිරිනැමීමේ උත්සවය සඳහා සහභාගි වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

latest Running Sneakers | Autres