Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන එල්ලේ තරඟාවලිය සාර්ථකව නිමාවට

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද එල්ලේ තරඟාවලිය -2019 හි අවසන් තරඟය පසුගිය ඉරිදා (07) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) විසින් සංවිධානය කරන ලදී.

මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 40 ක් සහභාගිවූ අතර අවසන් තරඟය සඳහා 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම සහ 17 වන ගැමුණු හේවා බලකා කණ්ඩායම තරඟ වැදුණි. අවසන් තරඟයේ දී තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට 17 වන ගැමුණු හේවා බලකා කණ්ඩායම සමත්වූ අතර කාන්තා අංශයේ ශූරතාවය 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම විසින් හිමිකරගත්හ. තවද, කාන්තා අංශයේ අනුශූරතාවය 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමට හිමිවිය.

මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා 51 හා 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපතිතුමන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. Sports Shoes | nike