Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2023 05:57:15 Hours

යාපනය අර්ධද්වීපයේ රාජකාරී කරනු ලබන සෙසුනිලයින් සඳහා නිවාඩු නිකේතනයක්

යාපනය අර්ධද්වීපයේ රාජකාරී කරනු ලබන සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා පලාලි ‘ටී හන්දිය’ පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද ‘Beach Edge’ නිවාඩු නිකේතනය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 14) දින භටපිරිස් වෙත භාර දෙන ලදී.

නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

අංගසම්පූර්ණ කාමර, නාන කාමර සහ සියලු පහසුකම් වලින් සමන්විත මෙම නිවාඩු නිකේතනය 5 ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ භටපිරිස් හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය මත ඉදිකරනු ලැබූහ.

විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.