Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2024 14:24:12 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව සෙසුනිල භටනිවාසය විවෘත කරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ සෙසුනිල භටනිවාසය 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් 2024 නොවැම්බර් මස 29 දින විවෘත කෙරිණි.

එම රෙජිමේන්තුවේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් මෙම භටනිවාසය විවෘත කෙරුණු අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.