Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මොණරාගල ළමා හා වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාරයක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 18 වන ගැමුණු හේවා බළඇණි‍යේ භට පිරිස් විසින් තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස අඟහරුවාදා (07) දින මොණරාගල ප්‍රදේශයේ පිහිටි ‘පිළිසරණ’ ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාරයක් පිරිනමනු ලැබීය.

‘පිළිසරණ’ ළමා හා වැඩිහිටි නිවාසයේ සියලුම නේවාසිකයන් 18 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනින් සතුටටත් සහ විනෝදයටත් පත්විය.

18 වන ගැමුණු හේවා බළඇණියේ නිලධාරින් සහ සෙසුනිලයින් 25 දෙනෙකුට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් වෙත මෙසේ දිවා ආහාරය ප්‍රදානය කෙරුණු අතර, එහිදි යුද්ධ හමුදා සමාජිකයින් ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් සමඟ ඉතා සුහදව අදහස් හුවමාරු කරගත්හ.

Nike Sneakers | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD