Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2023 17:01:21 Hours

මෙරට යුද්ධ හමුදා දූත පිරිස ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් හමුවෙයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාව සඳහා සහභාගී වීමට ලෙබනනය වෙත ගොස් සිටින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දූත පිරිස පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 05) දින ලෙබනනයේ, බෙයිරුයිට් හි පිහිටි තානාපති නිල නිවසේදී ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා හමුවූහ.

සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදේශ මෙහෙයු‍ම් කර්නල් පී.පී.සී පෙරේරා පීඑස්සී, 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල සහ නිලධාරීන් කිහිප දෙනෙකු එක් වූහ.

ලෙබනනයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය සැප්තැම්බර් මස 06 දින ‘Naquora’ හි එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ග්‍රීන්හිල් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වීය.

2023 මාර්තු මස 02 ලෙබනනය බලා පිටත්ව යන ලද 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල සහ දෙවන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඩබ්ලිව්.එම්.සී.කේ වන්නිනායක කටයුතු කල අතර, එම කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු හා සෙසුනිලයන් 115 දෙනෙකුගෙන් සමන්විත මෙරට හමුදා සාමාජිකයින් 125 දෙනෙකු සහ sniffer වර්ගයේ නිල සුනඛයින් හතර දෙනෙකුද ඇතුළත් වූහ.