Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2025 10:56:12 Hours

මුලතිව්හි පාසල් උපකරණ බෙදාදීමේ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

59 පාබල සේනාංකය, ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට සහය වීම අරමුණු කරගනිමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩස‍ටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන 6 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු මූලස්ථානයේදී, 2025 ජනවාරි මස 12 දින පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගි වූ අතර, මෙම වැඩසටහන ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මහලේකම් පූජ්‍ය මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ පැවැත්විණි. 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 6 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් කේ.එන්.සී. ද සිල්වා විසින් මෙම වැඩසටහන අධීක්ෂණය කරමින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

එහිදී, මුලතිව් ප්‍රදේශයේ සුවිශේෂී අධ්‍යාපන කුසලතාවයන් දැක්වූවන් අගය කරමින් සිසු සිසුවියන් 40 දෙනෙකුට මාසිකව ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

එසේම, පාසල් ඉදිරි වර්ෂය වෙනුවෙන් ප්‍රමාණවත් පොත්පත් සහ පාසල් සපත්තු සඳහා වවුචර්පත් ද ඔවුනට පිරිනැමීය.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල නැංවීම සහ ඔවුන්ගේ පවුල් මුහුණ දෙන මූල්‍යමය අපහසුතාවයන් අවම කිරීම සඳහා සහයෝගයක් ලබාදීමය.

මෙම වැඩසටහනට බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සිසු සිසුවියන්ගේ දෙමව්පියන් සහභාගි විය.