16th August 2023 18:00:38 Hours
භාරතී ක්‍රීඩා සමාජය සහ රෙඩ් බාර්නා ක්‍රීඩා ප්‍රිමියර් ලීග් ආයතනය අතර, සුහඳ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පසුගිය ඉරිදා දින (අගෝස්තු මස 13) මුලතිව්, භාරතී විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, ඒ සඳහා 6 ගැමුණු හේවා බලකා භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.
68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් සහ 681 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ පැවැති මෙම තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා 6 ගැමුණු හේවා බලකාය විසින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් භටපිරිස්හි සහයෝගයද ලබා දුන්හ.