Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2023 20:06:51 Hours

මුලතිව් භටපිරිස් සඳහා ‘ආතති කළමනාකරණය සහ රැකියාවේ සමබරතාවය’ සහ ‘සෙබල අභිමාන’ යන මාතෘකා ඔස්සේ දේශනයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා ‘ආතති කළමනාකරණය සහ රැකියාවේ සමබරතාවය’ සහ සෙසුනිලයන් සඳහා ‘සෙබල අභිමාන’ යන මාතෘකාවන් ඔස්සේ දේශනයන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා (මැයි මස 27) දින පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ගේ ආරාධනයකට අනුව මේජර් ජෙනරල් කේ.එච්.කේ කෝට්ටවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එස්ෆ් (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් දේශනය මෙහෙයවන ලදී.

දේශනය සඳහා නිලධාරීන් 65 දෙනෙකු සහ සෙසු නිලයින් 180 ක් සහභාගී වූ අතර, සැසිවාරය අවසානයේ, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් විසින්, ආරාධිත කථිකාචාර්යවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

නිලධාරීන් 41 දෙනෙකු සහ සෙසු නිලයින් 172 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එදිනම 57 පාබල සේනාංකයේ දී එම දේශනයන් පවත්වන ලදී.