Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මුලතිව් ප්‍රදේශයේදී පැවති වොලිබෝල් ශූරතාවලියකදී 6 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා බුද්ධි බලකා ක්‍රීඩකයින් ශූරතාවය දිනාගනී

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියළු යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදත්වය, අවබෝධය හා ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ මූලිකත්වයෙන් වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරනු ලැබිණි.

මෙම තරඟාවලිය අතරතුර දී, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 6 වන (ස්වෙච්ඡා) බුද්ධි බලකායේ කණ්ඩායම් අතරින් හොඳම ක්‍රීඩකයින් තෝරාගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (26) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගණයේ දී එම තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්විණි. මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගී වූ අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එම අවසන් තරඟය නැරඹීම සඳහා එක්ව සිටියහ.

කරට කර ලබාදුන් තියුණු තරඟයකින් අනතුරුව සියළු ප්‍රේක්‍ෂකයින්ගේ අත්පොලසන් නාදය මධ්‍යයේ 6 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා බුද්ධි බලකා ක්‍රීඩකයින් තරඟාවලියේ ශූරයන් බවට පත්විය.

ඉන් අනතුරුව, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් තරඟාවලියේ ජයග්‍රාහකයින් සහ තරඟාවලිය සඳහා සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයන් වෙත කුසලාන හා ශූරතා පලිහයන් පිරිනමනු ලැබීය.

අවසන් මහා තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ. url clone | Footwear