Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධායකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

68 වන සේනාංකය යටතේ ස්ථාපිත 683 බලසේනාවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ‘Merit’ පදනමේ අනුග්‍රහය ඇතිව පුදුකුඩිඉරිප්පු හි උදයාර්කට්ටු (උතුර සහ දකුණ), සුගන්ධිපුරම්, තේරාවිල් සහ වල්ලුවර්පුරම් යන ප්‍රදේශවල අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පසුගිය දා පාසල් උපකරණ බෙදාදෙන ලදි.

ඒ අනුව, 683 බලසේනාව යටතේ වන 7 වන ගැමුණු හේවා බලකායේ සහ 19 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සහභාගි වූහ.

මෙම වැඩසටහන යටතේ වල්ලුවර්පුරම්, උදයාර්කට්ටු දකුණ, තේරාවිල් යන ප්‍රදේශවල කතෝලික ළමුන් 40 ක් වෙත පාසල් උපකරණ ලබාදෙන ලදි.

එමෙන්ම, ගුරුවරියන් 10 ක් වෙත සාරි 20 ක් සහ භාරතී විද්‍යාලයේ විදුහල්පති වෙත එම විද්‍යාලයේ ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා නව පරිගණකයක් ද 7 වන ගැමුණු හේවා මුලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයේ දී ලබාදෙන ලදි.

මෙහි තවත් අදියරක් සුගන්ධිපුරම් සහ උදයාර්කට්ටු උතුර යන ප්‍රදේශ ආවරණව වන පරිදි සුගන්ධිපුරම් රජයේ දෙමළ පාසලේ දී ද පවත්වන ලදි. කතෝලික සිසුන් 40 ක් වෙත පාසල් උපකරණ ද, ගුරුවරුන් 10 ක් වෙත සාරි 20 ක් ද, සුගන්ධිපුරම් දෙමළ මිශ්‍ර පාසලේ විදුහල්පති සෙල්ලයියා මේගනාදන් මහතා වෙත නව පරිගණකයක් ද ලබාදීම එහිදි සිදුකෙරිනි.

‘Merit’ පදනමේ ප්‍රධාන නියෝජිත අනුරංග ඩිලික ඕවිටිගල මහතා මෙම පරිත්‍යාග සඳහා අනුග්‍රහය දක්වනු ලැබීය.

එසේම, මෙම පරිත්‍යාග වැඩසටහන් දෙක සඳහා එහි සාමාජිකයින් 21 දෙනෙකු ද සහභාගී වූහ.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොලගේ මඟපෙන්වීම යටතේ 683 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.කේ.ආර්.සී. කොඩිතුවක්කුගේ සහාය ඇතිව එම බලසේනාව විසින් පුදුකුඩිඉරිප්පු හි පැවති පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

එසේම, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොල සහභාගි විය.

එහිදි පාසල් උපකරණ තවත් තොගයක් පරිත්‍යාග කළ අතර, අනුරංග ඩිලික ඕවිටිගල මහතා, 683 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.කේ.ආර්.සී. කොඩිතුවක්කු, 7 වන ගැමුණු හේවා බලකායේ සහ 19 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන් සෙසු නිලයින් ද මීට එක්ව සිටියහ.

මෙහි අවසාන අංගය ලෙස සිසුන් සහ ගුරුවරුන් විසින් පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල්වල අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම සඳහා යුද හමුදාව ලබාදුන් සහාය ඇගයීමට ද ලක් කළහ.

එසේම, 68 වන සේනාංක භට පිරිස් විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක් වූ ‘Merit’ පදනමේ සාමාජිකයින් වෙත සිය කෘතවේදීත්වය ද පිරිනමනු ලැබීය.

Asics footwear | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth