16th December 2023 06:00:02 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් අනුව එම බලප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘ආඥාපති කුසලාන’ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ බැඩ්මින්ටන් තරඟාවලියක් පවත්වන ලදී.
ක්‍රිකට් තරඟයන් 59, 64, 68 පාබල සේනාංකයන්ගේ සහ ඉදිරි නඩත්තු ප්‍රදේශයේ - මුලතිව් භටපිරිස්හි සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 07 දින සිට 10 දින දක්වා පැවැත්වූහ. එහි අවසන් තරඟය පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින 64 සහ 68 පාබල සේනාංක කණ්ඩායම් අතර පැවති අතර, 64 වැනි පාබල සේනාංක කණ්ඩායම ශූරතාවයත් 68 පාබල සේනාංක කණ්ඩායම අනුශූරතාවයත් හිමිකර ගත්හ.
නිලධාරීන් සඳහා වූ බැඩ්මින්ටන් තරඟාවලිය දෙසැම්බර් මස 09 සහ 10 යන දිනයන්හීදී පවත්වන ලද අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් විසින් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට හිමි පදක්කම්, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.