Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මියගිය යුද හමුදා නිලධාරියෙකු සිහිකරමින් වියළි සලාක සහ පාසල් උපකරණ බෙදාදෙයි

ප්‍රවීණ ගායිකාවක් වන සුජාතා අත්තනායක මහත්මියගේ පුතණුවන් වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කළ රට වෙනුවෙන් දිවි පිදු කපිතාන් සංජීව අත්තනායක සිහි කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 බලසේනාවේ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් යුතුව වැලිකන්ද ප්‍රදේශයේ වැල්ලවාඩි, පාසිකුඩා, වාලච්චෙනෙයි සහ සුසිරිගම යන ගම්මානවල අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සහ පාසල් ළමුන් වෙත වියළි සලාක පාර්සල් සහ පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරිනි.

එහිදි ලබාදුන් ආහාර වර්ග, කුළු බඩු, කරවල, පරිප්පු, ආදිය අඩංගු එක් වියලි සලාක පාර්සලයක වටිනාකම රුපියල් 2500/= වන අතර, පොත්, පෑන් ආදිය අඩංගුව ලබාදුන් එක් පාසල් උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් 750/= ක් වේ.

මෙම ගම්මානවලින් තෝරාගත් පවුල් 100 ක් වෙත වියලි සලාක ද, සිසුන් 65 ක් වෙත පාසල් උපකරණ ද බෙදාදීම සිකුරාදා (16) දින සිදු කෙරිනි.

අවශ්‍යතා සහිත මෙම පවුල් සහ ළමුන් වෙත මෙම ද්‍රව්‍ය බෙදාදීම සඳහා අත්තනායක මහත්මියගේ නැදෑ හිතමිතුරන් සහාය දැක්විය. 23 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ඇතුලු භට පිරිස් වෙතින් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදුකළහ.

1992 වර්ෂයේ පුනරින් ප්‍රදේශයේ සිදු කළ ත්‍රස්තවාදයට එරෙහි සටන්වල දී කපිතාන් සංජීව අත්තනායක අතුරුදන් වී ඇත.

Sportswear free shipping | jordan Release Dates