19th August 2023 20:43:45 Hours
මැලේසියාවේ පැවැත්වෙන ‘Krish Aman 11’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දස දෙනෙකු සහ සෙසු නිලයින් විසිහය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 10 ) දින මැලේසියාව බලා පිටත්ව යන ලදී.
සාම සාධක මෙහෙයුම් සඳහා භටපිරිස් පුහුණු කිරීම මූලික කොටගත් මෙම ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා රටවල් 21 ක් නියෝජනය කරමින් හමුදා සාමාජිකයින් 887 දෙනෙකු පමණ සහභාගී වෙති.
‘Krish Aman II 2023’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය එක්සත් ජනපදයේ ගෝලීය සාම සාධක මෙහෙයුම් ආරම්භකිරීමේ වැඩසටහන (GPOI) යටතේ මැලේසියානු සන්නද්ධ හමුදා (AFM) සහ එක්සත් ජාතීන්ගේ ඉන්දු - පැසිෆික් විධානය (USINDOPACOM) අතර ඇති ඒකාබද්ධ සහයෝගීතාවයකි. මෙම ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2023 අගෝස්තු මස 12 දින සිට 26 දින දක්වා මැලේසියාවේ නෙගෙරි සෙම්බිලාන් හි පෝට් ඩික්සන් ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය.
ලොව පුරා විවිධ රටවල හමුදා සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා සම්බන්ධ වීමට පුහුණු කිරීම, විවිධ රටවල මෙහෙයුම් සඳහා සහභාගී වීම සහ කලාපීය හා ජාත්‍යන්තර රටවල් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම අභ්‍යාසය සංවිධානය කර ඇත.