Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2023 18:31:22 Hours

මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ 4 වන සටන් රථ පෙළ කණ්ඩායම පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) යටතේ මාලි හි රාජකාරියෙහි නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ 4 වන කණ්ඩායම (CCC) ටෙසාලිට් සිට ගාඕ දක්වා සිදුකරමින් සිටි මෙහෙයුමක් අතරතුරදී වැඩිදියුණු කරන ලද කිලෝග්‍රෑම් 20 ක පුපුරණ ද්‍රව්‍ය සහිත ඇටවුමක් (VOIED) පසුගිය සෙනසුරාදා (03) දින සොයා ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ භටපිරිස් විසින් ජීවිත අවදානම, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ භූමියේ දුෂ්කරතා ගැන නොතකා, භඨකාර්ය සම්පාදක රථ, ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ සඳහා ආරක්‍ෂාව සපයයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ භටපිරිස් සුපරීක්‍ෂාකාරීව සහ ජීවිත අවධානමද නොතකා තම රාජකාරි ඉටු කිරීමේදී දක්වන කැපවීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඇගයීමට ලක්විය.