Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2024 15:00:14 Hours

මාලි රාජ්‍යයේ ගාඕ සුපර් (Gao Super) කඳවුරු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ඒකකයේ උපකරණ පරීක්‍ෂාව සිදුකෙරේ

2024 පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක ඒකකයේ උපකරණ පරීක්‍ෂාව 2024 මාර්තු මස 26 දින එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාලි රාජ්‍යයේ ගාඕ සුපර් (Gao Super) කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

උපකරණ පරීක්‍ෂාවේදී රථ වාහන, ආයුධ, පතොරම්, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම්, සුභසාධන පහසුකම් සහ අනෙකුත් සියලුම උපකරණයන් පරික්‍ෂාවට ලක්කරන අතර ප්‍රධාන උපකරණ කට්ටල සහ සාමසාධක කටයුතුවල නිරත රට විසින් සපයනු ලබන උපකරණවල කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය සොයාබැලීම එක්සත් ජාතීන්ගේ අවබෝධතා ගිවිසුමේ විධිවිධානයන්ට අනුකූලව සිදුකරන්නේද යන්න තහවුරු කරගැනීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්ඩායමක් විසින් මෙම ත්‍රෛමාසික පරික්‍ෂණය සිදුකරනු ලබයි.