Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2024 14:18:56 Hours

මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය එක්ව පස්වන ඒකාබද්ධ පුහුණු වැඩසටහන පවත්වයි

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පස්වන ඒකාබද්ධ පුහුණු වැඩසටහන මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ නිලධාරීන් 3 සහ කොමිෂන් නොලත් නිලධාරීන් 14 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ භටපිරිස් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින ආරම්භ විය.මෙම පුහුණු වැඩසටහන මාර්තු 9 වැනිදා අවසන් වීමට නියමිතය.

දෙරටෙහි හමුදාවන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් පුළුල් කරමින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පුහුණු වැඩසටහන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරිණි.

මෙම පුහුණු වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ පුහුණු උපදේශකවරුන් පිරිසක් ද සහභාගී වූහ.