28th January 2023 20:57:20 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් විසින් පසුගිය බදාදා (25) දින කොළොන්නාව - රාජගිරිය මාර්ගයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාර්ගය අවහිර කරමින් කඩා වැටී තිබූ විශාල ගසක් ඉවත් කිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
මෙම සිදුවීම පිළිබඳ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් දැනුවත්වීමෙන් අනතුරුව එම ඒකකයේ භටපිරිස් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් ගුවන් හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව එම ගස ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරනු ලැබූහ.
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ මඟපෙන්වීම හා 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ආර්.ඒ.ඒ රණවක ගේ අධීක්ෂණය මත භටපිරිස් විසින් මෙම ප්‍රජා මූලික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.