Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2023 18:05:04 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ පහසුකම් සංකීර්ණය විවෘත කෙරේ

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ සෙසුනිල භෝජනාගාර, ආපනශාලාව, රෙදි සෝදන ස්ථානය අගෝස්තු මස 08 වන දින පැවති කෙටි උත්සවයකදී එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ සුරතින් විවෘත කෙරිණි.

යුද්ධ හමුදා සෙසුනිලයන්ගේ සුබසාධන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකගේ උපදෙස් මත මෙම පහසුකම් සංකීර්ණය ඉදිකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.