01st May 2023 20:47:32 Hours
මාතර රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද ‘විද්‍යාභිමානී 2023’ ප්‍රදර්ශනය අප්‍රේල් මස 25 – 27 යන දිනයන්හිදී එම විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද ප්‍රදර්ශන කුටි කීපයක් ඉදිරිපත්කර තිබුණි.
උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි භාවිතා වන යුද්ධ හමුදා සන්නද්ධ රථ, පුපුරණ ද්‍රව්‍ය, යුධෝපකරණ සහ අනෙකුත් උපකරණ පිළිබඳව පාසල් සිසුන් දැනුවත්කරමින් ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම මෙම ප්‍රදර්ශන කුටි තුලින් සිදුකරනු ලැබූහ.
උත්සවය ආරම්භයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා සඳහා ඉදිරිපත් කරන ලද සරඹ පෙළපාලියෙහි පුහුණු වීම් කටයුතු සඳහා අවශ්‍ය උපදේශණය 613 පාබල බලසේනාවේ සහ 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ යුද්ධ හමුදා සරඹ උපදේශකවරුන් විසින් ලබාදෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මෙම උත්සවයේ යුද්ධ හමුදාවේ සියලු කටයුතු අධීක්‍ෂණය කරනු ලැබිණි.