Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මනිප්පායි සිවිල් වැසියන් සඳහා ප්‍රතිකාර කිරිමට යුද හමුදාවෙන් ජංගම වෛද්‍ය සායනයක්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 511 බලසේනාවේ සහ 4 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ භට පිරිස් එක්ව මනිපායි අනුස්මරණ රෝහල් පරිශ්‍රයේ දී පැවැත් වූ වෛද්‍ය සායනය සඳහා යාපනය, මනිපායි ප්‍රදේශයේ පදිංචි සිවිල් වැසියන් 200 ක් සහභාගි වූහ.

ඒ අනුව මෙහිදි එම සිවිල් වැසියන් වෙත රුධිර පීඩනය, අසාත්මිකතා, ඉන්ෆ්ලුවෙන්සා, ආතරයිටිස්, දියවැඩියාව, දන්ත පරීක්ෂාව වැනි බෝ නොවන රෝග ආදිය සඳහා ප්‍රතිකාර ලබාදෙන ලදි.

වෛද්‍ය නිලධාරීන් 07 ක්, මෙම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු, 4 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝෂාන් ජයමාන්න සහ එම බලකායේ භට පිරිස් ස්වේච්ඡාවෙන්ම මෙම වැඩසටහන සඳහා දායකත්වය දැක්වූහ. එසේම, මෙම වෛද්‍ය කඳවුරේ දී ඒ අවට ප්‍රදේශවල රෝගීන් වෙත ඖෂධ වර්ග කිහිපයක් ලබාදෙනු ලැබීය.

511, බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන වික්‍රමසිංහ,25 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සම්පත් සමරතුංග, 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් මුදියන්සේලාගේ ආනන්ද, භට පිරිස් සහ සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

affiliate link trace | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf