Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2020 13:32:04 Hours

මධ්‍යම භටපිරිස් ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය පිරිසිදු කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින නල්ලතන්නිය ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.

නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 200 දෙනෙකු මෙම ව්‍යාපෘතිය සඳහා සිය දායකත්වය සපයනු ලැබූ අතර එහිදී, ශ්‍රී පාදස්ථානය මුදුනට දිවෙන මාර්ගයේ වන්දනාකරුවන් සහ මහජනතාව විසින් අතහැර දැමූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, දූෂක හා කසළ සම්පූර්ණයෙන්ම එක්රැස් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් සමඟ සමීපව අධීක්‍ෂණය කළේය. Nike footwear | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1