Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මධ්‍යම භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 112 බලසේනාව යටතේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සෙනසුරාදා (7) දින නුවරඑලිය Our Lady College හි ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

එම විද්‍යාලයේ විදුහල්පති විසින් 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වෙත කළ ඉල්ලීමකට අනුව එම පාසල් භූමිය සහ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා යුද හමුදා සාමජිකයින් 10 දෙනෙකු සහභාගි වූහ.

පැවති ශ්‍රමදානයෙන් අනතුරුව විද්‍යාලයේ පාසල් ළමුන් සහ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් විදුහල්පතිතුමා විසින් පාසල් භූමිය පිරිසිදු කිරීම සහ ගොඩනැගිලිවල තීන්ත ආලේප කිරීම උදෙසා දැක් වූ සහයෝගය අගය කරමින් යුද හමුදාපතිතුමා ඇතුළු යුද හමුදා සාමජිකයින් හට සිය කෘතඥතාවය පුද කරනු ලැබීය.

jordan release date | Nike