Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මධ්‍යම භට පිරිස් රුක් රෝපණ වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් දෙසැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි දී සමනලවැව බලාගාර ජල පෝෂක රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත මේ සඳහා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 32 ක් සහභාගි වූහ.

මෙහිදි කිතුල් පැළ 200 ක්, වේවැල් 200 ක්, මී පැළ 500ක්, එරබඳු පැළ 100 ක්, කළුවර පැළ 250 ක් සහ විවිධ වර්ගයේ දේශිය ඖෂධ පැළ 25 ක් රෝපණය කරන ලදි.

ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිසරික නිලධාරි එම්.පී.එල්.ආර් ගුණවර්ධන මහතා සහ සමනලවැව විදුලි බලාගාර ප්‍රධාන ඉංජිනේරු එච්. අඹේපිටිය මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිසරික ඒකකයේ පරිසර නියමු රිසිත පද්මිල මහතා ද මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් සී.එස් මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මේ සඳහා සහභාගි වූ අතර, සහභාගි වූවන් වෙත භට පිරිස් විසින් තේ පැන් ආදියෙන් සංග්‍රහ කරන ලදි.

Best jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp