Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2024 21:03:37 Hours

මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී

මත්ද්‍රව්‍ය භාවිතයේ අනතුරු සහ එය වැළැක්වීම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජූලි 31 දින කාතන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති -නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය. කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ සභාපති ඉංජිනේරු මොහොමඩේ තවුෆික් මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. පාසැල් දරුවන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම්වලින් ආරක්‍ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම දේශනය පවත්වන ලදී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් එම විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් ඇතුළුව 500 දෙනෙකු පමණ පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී වූහ.