Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2020 12:00:26 Hours

'බේකරි නිෂ්පාදන’ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු විසිරයති

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් රාජගිරියේ පිහිටි ප්‍රීමා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති ‘බේකරි නිෂ්පාදන’ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු වෙත ඉකුත් සිකුරාදා (25) දින සහතිකපත් පිරිනැමිනි.

මෙම පාඨමාලාවේදී, පේස්ට්‍රි, පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මෙන්ම කේක් සහ වෙනත් රසකැවිලි නිෂ්පාදනය කිරීම පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීම සිදු වූ අතර ඔවුන්ට එම පාඨමාලාවන්ට අදාළ දැනුම සම්භාරය පුළුල් කරගැනීම වෙනුවෙන් ද ඉඩහසර ලබාදී තිබිණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙම පාඨමාලාව හැදෑරිමට අවස්ථාව උදාවිය.

පාඨමාලාවේ සමාප්ති උත්සවය සඳහා ප්‍රීමා පුහුණු මධ්‍යස්ථානයේ විධායක නිලධාරී ජයෝන්ග් මහතා (Mr Jayoung) සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (සම්බන්ධිකාරක) කර්නල් සුමේධ බාලසුරිය සහභාගී වූහ. Sport media | New Balance 991 Footwear