Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

බලපිටියේ පැවැති පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් හිමි කරගනිති

බලපිටිය මුහුදු තීරයේදී පුරා දෙදිනක් පැවැති කිලෝමීටර් 2 විවෘත පිහිනුම් තරඟයට යුද්ධ හමුදාව, නාවික හමුදාව, පොලිසිය සහ දිවයින පුරා පිහිටි ක්‍රීඩා සමාජ මෙන්ම පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් 25 ක පිහිනුම් ක්‍රීඩකයින් 400 කට අධික පිරිසක් සහභාගිවූ අතර ඉකුත් සෙනසුරාදා (15) දින අවසන්වූ මෙම තරඟාවලියේ සමස්ථ පිරිමි ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව ලකුණු 61 ක් ලබා ගත්හ. නාවික හමුදා හා පොලිස් පිහිනුම් ක්‍රීඩකයින් පිළිවෙලින් ලකුණු 39 ක් හා 37 ක් රැස් කළහ.

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති, මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ උපදෙස් මත තරගාවලියට සහභාගීවීම සඳහා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් 52 ක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙකු නම් කර තිබිණි.

මෙම තරඟාවලියේ (තනිපුද්ගල) ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කාර්මික සෙබළ බී.ඩි. ෂෙහාන් විසින් හිමිකරගනු ලැබීය. Sport media | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes