03rd May 2025 10:35:18 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ‘බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක - 88 (2025/I)’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 අප්‍රේල් මස 29 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc සහභාගි විය.
මාස තුනක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ගජබා රෙජිමේන්තුවේ කපිතන් ඕ.ජී.ඩී.යූ අතුකෝරල විසින් හිමිකරගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ උපදේශකයින් පිරිසක් ද සහභාගි වූහ.