Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

බර ඉසිලීමේ තරඟාවලියේ ශූරතාව 9 වන වරටත් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බර ඉසිලීමේ ක්‍රීඩකයින් ඉකුත් සඳුදා (27) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බර ඉසිලීමේ තරඟාවලියේ ශූරතාවය අඛණ්ඩව 9 වන වරටත් හිමිකරගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයින් ලකුණු 27 ක් රැස්කරගනිමින් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩකයින් වසර 8 ක් අඛණ්ඩව හිමිකරගත් ශූරතාව මෙවරද හිමිකරගැනීමට සමත්විය. පදක්කම්ලාභින් පහතින් දැක්වේ.

රන් පදක්කම්ලාභින්

මාණ්ඩලික සැරයන් ඒ.ඒ.ඒ.ජි.එස්. අබේවික්‍රම (කිලෝග්‍රෑම් 109 බර පන්තිය)

මාණ්ඩලික සැරයන් කේ.එම්.වි.ආර්.බී. කුලතුංග (කිලෝග්‍රෑම් 109 බර පන්තිය)

බොම්බඩියර් එච්.ආර්.ජේ. විජයනාත (කිලෝග්‍රෑම් 81 බර පන්තිය)

තුවක්කු සෙබල ඒ.එම්. අහමඩ් (කිලෝග්‍රෑම් 73 බර පන්තිය)

රිදී පදක්කම්ලාභින්

සාමාන්‍ය සෙබල ඩි.බී.ඩි.සී. ද විමලරත්න (කිලෝග්‍රෑම් 73 බර පන්තිය)

ලෝකඩ පදක්කම්ලාභින්

ලාන්ස් බොම්බඩියර් ඩබ්ලිව්.කේ.එම්. ද සිල්වා (කිලෝග්‍රෑම් 89 බර පන්තිය)

ලාන්ස් බොම්ඩියර් යු.ජි.ආර්.ජේ. කුමාරතුංග (කිලෝග්‍රෑම් 96 බර පන්තිය)

තුවක්කු සෙබල ඩි.දිලංග (කිලෝග්‍රෑම් 67 බර පන්තිය)

සාමාන්‍ය සෙබල ආර්.ඩි.පී. අබේනායක (කිලෝග්‍රෑම් 55 බර පන්තිය)