Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන දෙවන කණ්ඩායම නිලධාරී අන්තර් ආරක්‍ෂක බලකා ‘ස්කොෂ්’ තරඟාවලිය ජය ගනී

යුද්ධ හමුදා ස්කොෂ් කමිටුව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ආරක්‍ෂක සේනා මූලස්ථාන නිලධාරී ස්කොෂ් තරඟාවලිය පෙබරවාරි මස 21 සිට 24 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ ගෘහස්ථ ස්කොෂ් ක්‍රීඩාගාරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් අතර ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වුණු මෙම තරඟාවලියට වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආශිර්වාදය ද හිමිවිය.

මෙම තරඟාවලිය තරඟ ඉසව් දෙකකින් සමන්විත වූ මෙම තරඟාවලියේ කණ්ඩායම් ඉසව්ව සඳහා සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූ අතර බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ විවිධ නිලයන්වල නිලධාරින්ගේ කණ්ඩායම් දෙකක් එ්කල ඉසව්වකට සහභාගී වෙමින් (මේජර් ජෙනරාල් / බ්‍රිගේඩියර්, කර්නල් / ලුතිනන් කර්නල්, මේජර්, කපිතන්, ලුතිනන් / දෙවන ලුතිනන් සහ විවිධ නිලයන්ගේ කාන්තා නිලධාරින්) තරඟාවලියේ දස්කම් දැක්වූහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චින්තක ගමගේ මේජර් ජෙනරාල්/බ්‍රිගේඩියර් අතර පැවති තරගයේ ශූරයා බවට පත්විය. මේජර් ජෙනරාල්/බ්‍රිගේඩියර් කාණ්ඩයේ පළමු අනුශූරතාව දිනාගැනීමට බ්‍රිගේඩියර් ප්‍රදීප් ගුණවර්ධන සමත්විය.

බටහිර අරක්‍ෂක සේනා මූලථානයේ 2 වන කණ්ඩායම නියෝජනය කරමින් බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ලුතිතන් කර්නල් කමින්ද සිල්වා, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් චන්දික චන්ද්‍රජිත්, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ කපිතන් අසංක සමරවීර, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ ලුතිතන් එරංග ලියනගමගේ සහ ශ්‍රී ලංකා පොදුසේවා බළකායේ ලුතිතන් හෂිනි අබේරත්න කණ්ඩායම් ශුරතා කුසලානය දිනාගත් අතර නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන කණ්ඩායම් පිළිවෙලින් ශුරයන් සහ අනුශුරයන් බවට පත්විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ස්කොෂ් ක්‍රීඩා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගුණවර්ධන ගේ ආරාධනයෙන් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහභාගි වු අතර මෙම අවස්ථාව දැක බලා ගැනීමට තවත් බොහෝ නිලධාරීන් පැමිණ සිටියහ. Sportswear Design | Nike React Element 87