13th June 2025 13:16:57 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම මත 2025 ජුනි මස 10 දිනට යෙදුනු පොසොන් පොහෝ දිනයට සමගාමීව 21 පාබල සේනාංකය සහ භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් අනුරාධපුර ප්‍රදේශයේදී ආගමික සහ ප්‍රජා සුභසාධක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ලංකාරාමය, ථූපාරාමය යන ස්ථූපයන් සහ මිහින්තලේ විහාරස්ථානය වැනි පූජනීය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථාන සහ පැරබෝලික් කුටි ස්ථාපිත කිරීමට එහිදී භටපිරිස් කටයුතු කරනු ලැබීය.
ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති සඳහිරු සෑය පරිපාලන කාර්යාලය සහ භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - වන්නි සමඟ සහයෝගයෙන් යුතුව සඳහිරු සෑය පරිශ්‍රයේදී විශේෂ බත් දන්සලක් ද පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc සහභාගි විය.
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ අධීක්‍ෂණය මත 54 පාබල සේනාංකය, ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු භටපිරිස් ඒකාබද්ධව 2025 ජුනි මස 10 සිට 12 දින දක්වා තල්අඩි හන්දිය අසලදී ‘මන්නාරම පොසොන් කලාපය 2025’ පවත්වන ලදී.
වර්ණවත් පොසොන් පහන් කූඩු, මිහින්තලා අනුරුව, තොරණ, භක්ති ගීත වැඩසටහන සහ බත් දන්සලකින් සමන්විත වූ මෙම පොසොන් කලාපයට බැතිමතුන් රැසක් සහභාගි වූහ.
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් 2025 ජුනි මස 10 දින සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී කොස් දන්සලක් පැවැත්වීය.