07th June 2023 20:17:43 Hours
පොසොන් පොහොය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු සියලුම නිලයන් එක්ව පසුගිය සෙනසුරාදා (03) දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත සිදු කරනු ලැබූ එම වැඩසටහන් මාලාවට ධර්ම දේශනාවක්, රොටි, මඤ්ඤොක්කා ආදී ආහාර සහ කොත්තමල්ලි, බෙලිමල් ආදී ඖෂධීය පානයන්ගෙන් සමන්විත දන්සලක් පවත්වන ලදී.
3 ශ්‍රී ලංකා සංඥා බලකායේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය අසල රොටි සහ කොත්තමල්ලි දන්සලක් පවත්වන ලද අතර, කඳවුරු පරිශ්‍රය ඉදිරිපිට මිහින්තලා අනුරුවක් ද ප්‍රදර්ශනය කරන ලදී. තවද, එදින සන්ධ්‍යාවේදී 7 ශ්‍රී ලංකා කාන්තා බලකායේ සහ 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් එක්ව සිය සෞන්දර්යාත්මක කුසලතා එළිදක්වමින් ‘භක්ති ගීත’ ප්‍රසංගයක්ද එම ස්ථානයේ පවැත්වූහ.
521 පාබල බලසේනාවේ සහ 10 ශ්‍රී ලංකා කාරක ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් එම කඳවුරු පරිශ්‍රයන් ඉදිරිපිට බිස්කට් දන්සැලක් සහ කොත්තමල්ලි දන්සැලක් පවත්වන ලදී. ඒ සඳහා 500 කට අධික සිවිල් වැසියන් පිරිසක් එක්ව සිටිහය.
නාවට්කුලි සමිද්ධි සුමන විහාරයේ විහාරාධිපති, පූජ්‍ය හංවැල්ලේ රතනසිරි හිමියන්ගේ ඉල්ලීමකට අනුව 523 පාබල බලසේනාවේ, 11 ශ්‍රී ලංකා කාරක ඉංජිනේරු බලකායේ සහ 7 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව එම විහාරස්ථාන පරිශ්‍රයේ පසුගිය සෙනසුරාදා (03) දින පැවැත්වූ දන්සල සඳහා පූර්ණ දායකත්වය ලබාදුන්හ.