Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සඳහා නායකත්වය පිළිබඳ වැඩමුළුවක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරන සිසුසිසුවියන් උදෙසා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් එක්දින නායකත්ව පුහුණු වැඩමුළුවක් සිකුරාදා (06) දින මහනුවර, දුණුමඩලාව වන රක්ෂිතයේ දී පවත්වන ලදි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත පැවැත් වූ මෙම පුහුණු වැඩමුළුව සඳහා සිසුසිසුවියන් 102 ක් සහභාගි වූහ.

එහිදි, උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් කඳු තරණය හා බාධක තරණය, ශාරීරික පුහුණුවීම්, එළිමහන් ක්‍රියාකාරකම් සහ වැදගත් දේශන ද පැවැත්විය.

2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 1 වන සහ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිලධාරීන් 04 ක් සහ සෙසු නිලයින් 30 ක් මෙම පුහුණු වැඩමුළුවේ දී දේශන පැවැත්වීමට සහ නිදර්ශන ඉදිරිපත් කිරීමට සහාය ලබාදෙන ලදි.

Sports Shoes | nike air force 1 shadow , eBay