20th March 2023 18:47:29 Hours
වෙරළබඩ හා සාගර සම්පත්වල වටිනාකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 551 වන පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 17) දින මුනායි, පේදුරුතුඩුව, සුපර්මඩම් සහ සක්කොටෙයි යන ප්‍රදේශයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළහ. 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ මගපෙන්වීම අනුව ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 551 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් කාරියකරවන ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි. පොදු වැඩසටහන් සඳහා ප්‍රජා දායකත්වය සහ වෙරළ පිරිසිදු කිරීම වැනි පාරිසරික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා ජනතාවගේ දායකත්වය ලබාගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
551 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පේදුරුතුඩුව නගර සභාව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් ද සිය දායකත්වය දැක්වූහ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගරු ඇන්තනි ප්‍රනාන්දු බෙනට් පියතුමන්, පේදුරුතුඩුව නගර සභාවේ සභාපති නවරත්නරාජා මහතා, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් අල්වායිපිල්ලේ සිරි මහතා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ දේශීය ධීවර සමිති සභාපතිවරුන් ඇතුලු ප්‍රදේශවාසීන් 500 දෙනෙකුට අධික පිරිසක් සිය දායකත්වය දැක්වූහ.