09th February 2025 18:56:41 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, පූනානි බලඇණි පුහුණු පාසල සහ 7 සැහැල්ලු රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් නිදහස් දිනය සැමරීම සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.
මෙම වැඩසටහන පූනානි බලඇණි පුහුණු පාසලේ සේනාවිධායක සහ 7 සැහැල්ලු රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.
පූනානි බලඇණි පුහුණු පාසලේ සහ 7 සැහැල්ලු රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කසළ ඉවත් කිරීම සහ මාර්ගය දෙපස පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පූනානි ප්‍රදේශය (ඒ-11 මාර්ගය) පිරිසිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 60 දෙනෙකු සහභාගි වූහ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක් සහභාගි වූහ.