Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2023 21:44:52 Hours

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක

2009 වසරේ මැයි මාසයට ප්‍රථම ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී 2023 ජුලි මස 29 දින අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.

බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරතවීමෙන් අනතුරුව එම රණවිරුවන්ගේ පුනරුත්ථාපන හා ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලුම සහයෝගය පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

සංචාරය සමාප්තියේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.