Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පුනරීන් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමක්

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ මඟපෙන්වීම මත එම සේනාංකයට අයත් 15 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් පුනරීන් මධ්‍ය මහා විද්‍යාලයේ සහ පරමෙන්කිරායි, විනයාසියොදි හා ගනෙයිමඩම් රජයේ දමිළ මිශ්‍ර පාසැල් වල තෝරාගත් සිසුන් සඳහා තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සිකුරාදා (17) දින ඉටු කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ අශීර්වාදය ඇතිව පැවැති මෙම ව්‍යාපෘතියේ දී ලිපි ද්‍රව්‍ය සහ පාසල් බෑග් ඇතුළු රුපියල් 125,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ තොගයක් මෙහිදි බෙදාදෙනු ලැබීය.

ප්‍රදේශයේ ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන සඳහා 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධන, 66 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම පාසල්වල විදුහල්පතිවරුන්, රජයේ නිලධාරීන්, දෙමාපියන් සහ පාසල් සිසුන් ද එක්ව සිටියහ.

affiliate tracking url | Mens Flynit Trainers